Monday, January 19, 2026
Follow Us
පාසල් මැයි හත දක්වා වැසේ

පාසල් වසා තැබීමට තවදුරටත් දීර්ඝ කරමින්, ලබන මැයි මස 7 වැනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පියවර ගෙන තිබේ.

රට තුළ මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මැයි මස 10 වැනිදා පාසල් පැවැත්වීම පිළිබදව යළි තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)