Monday, January 19, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බව දැනුම් දී ඇත.

තවද අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

(Aruna)