රට තුළ මේ වන විට උද්ගතව ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සන්නිවේදන මාධ්‍ය මගින් ලබාදීමට සැලසුම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම්දීමට සහ ඉටු කිරීමට අවස්ථාව සලසා ඇත.
ඉදිරි සති 2ක කාලයේදී ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග ලබාදී ඇති දුරකථන සහ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ විය හැකි වේ.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශය :- 011 4354550, 011 2354550
ෆැක්ස් අංක :- 011 2348855
විද්‍යුත් ලිපිනය:- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඔම්බුඩ්ස්මන් කාර්යාල දුරකථන අංකය :- 011 2338073
විද්‍යුත් ලිපිනය :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජනාධිපති අරමුදල :- 011 2354354
ෆැක්ස් අංකය :- 011 2331243
(Aruna)