Monday, January 19, 2026
Follow Us
ආසන ගණන ඉක්මවා මගීන් ගෙන යන බස් රථ සේවකයින්ට රතු එලි

මගී ප්‍රවාහන බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙන යා යුතු බවට නීතියක් පනවා ඇතත්, එය කිසිසේත් ක්‍රියාත්මක නොවන බවට මගින් චෝදනා කරනවා. ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමට නීති පැනවීම හේතුවෙන් බස්රථ ගාස්තු ද ඉහල දැමුනත් දැන් සිදුව ඇත්තේ වැඩි මුදලක් ගෙවා අනාරක්ෂිතව බස්රථවල ගමන් කිරීම බවයි බොහෝ මගීන් පෙන්වා දෙන්නේ. රටතුළ මේවනවිට පවතින කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ මෙම තත්ත්වය වඩාත් අවදානම් බව ද බොහෝ පාර්ශවවල මතයයි.

නෙත් නිවුස් මගී ජනතාව මුහුණ දෙන මෙම ගැටළුව සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් කරුණු විමසුවා. ඊට ඔහු ප්‍රතිචාර දැක්වුයේ මෙලෙසයි.

ආසන ගණනට වඩා එක් මගියෙකු හෝ රැගෙන යන බස්රථවල බලපත්‍ර අවලංගු කරන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙහිදී කියා සිටියා.

1995 හෝ Bad Bus යෙදවුම හරහා එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)