Monday, January 19, 2026
Follow Us
රාජ්‍ය ආයතන වෙත එන ජනතාවට විශේෂ පණිවිඩයක්

රාජ්‍ය සේවකයින් විශේෂ සේවා ක්‍රමයකට අනුව රාජකාරී සදහා කැඳවුවද එමගින් මහජන සේවා සැපයීමට කිසිදු බාධාවක් නොවන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ ජේ රත්නසිරි කියාසිටියේ මහජන සේවා සැපයීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් සේවකයින් කැඳවීමට ආයතන ප්‍රධානීන්ට බලතල දී ඇති බවයි.

අත්‍යවශ්‍ය කාරණයක් සදහා පමණක් රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ජනතාවට දැනුම් දුන්නා. ඔහු කියාසිටියේ රටේ පවතින තත්ත්වය සළකා වගකීමෙන් කටයුතු කිරීම සියළු පාර්ශවයන්ගේ වගකීමක් බවයි.

රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරුණා.

(Neth)