Wednesday, July 02, 2025
Follow Us
රියදුරු බලපත‍්‍ර වලංගු කාලය ගැන අවසන් නිවේදනයක්

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත‍්‍ර අලූත් කර ගැනීමේ වලංගු කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ මෙලෙස කාලය දීර්ඝ කිරීමක් සිදුවන්නේ අවසන්වරට බවයි. ඒ අනුව මෙම අවසන් අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් රියදුරු බලපත‍්‍ර කල් ඉකුත් වී ඇත්නම් එය සකස් කර ගන්නා ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු 16 වනදා සිට ජූනි 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත් වූ සෑම රියදුරු බලපත‍්‍රයකම වලංගු කාලය එහි අවසන් දින සිට මාස 06 කින් දීර්ඝ කිරීමට පළමුවරට කටයුතු කෙරුණා. ඉන් පසු අවස්ථා 02 කදී මාස 03 බැගින් එම කාලය දීර්ඝ කිරීමටයි කටයුතු කෙරුණේ.

රියදුරු බලපත‍්‍ර කල් ඉකුත් වී ඇත්නම් නාරාහේන්පිට ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ ප‍්‍රාදේශීය කාර්යාල අමතා වේලාවක් වෙන්කර රියදුරු බලපත‍්‍ර අලූත් කර ගැනීමට මේවනවිට ද අවස්ථාව පවතිනවා.

(Neth)