Saturday, April 20, 2024
Follow Us
ඇවන්ගාඩ් සමාගමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉඩම් අක්කර 5000ක් ලබාදුන් බවට සිදු වන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයයි- අමාත්‍යාංශ ලේකම්

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින්නේ ගොවිබිම්, බීජ ගොවිපොළවල්, පර්යේෂණ මධ්‍යස්ථාන පමණක් බවයි, සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එසේම කෘෂිකාර්මික උපදේශන සේවය හා තාක්ෂණික සහාය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කාර්යභාරය වන බවත්, පවසන ලේකම් සුමේධ පෙරේරා මහතා, අදාළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මඟින් පවත්වාගෙන යන බඩඉරිඟු ගොවිපලක් සඳහා උපදේශන හා තාක්ෂණ සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පවසනවා, එම සහාය ඕනෑම කෘෂි ගොවිපොළක් සඳහා ලබා දීම අමාත්‍යාංශයේ වගකීම බව,පෙන්වා දෙයි. එම නිසා ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අවධාරණය කරයි.

(news.lk)