යුක්රේනයේ නිකොපොල් නගරය ආසන්නයේ සිදුවූ රුසියානු ඩ්රෝන ප්රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.
ඉදිරිපෙළ සටන් පැවැත්වෙන නිකොපොල් නගරය, රුසියානු පාලනය යටතේ පවතින සපොරීෂියා පරමාණුක බලගාරයට අනෙක් පසින් ඩිනිප්රෝ ගංතීරයේ පිහිටා තිබේ.