Thursday, July 03, 2025
Follow Us
අග්‍රාමාත්‍ය කාර්යාලයයෙන් නිවේදනයක්

අරලියගහ මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත නොමැති බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

කොවිඩ් නිසා අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක සඳහන්ව ඇති බවත් ‘පළවූ පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා සඳහන් කර තිබේ.

එසේම සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබන බවද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එසේම අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවා ඇති බවද සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුවන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යන බවද වැඩි දුරටත් සඳහන් කර ඇත.

එසේම කොවිඩ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයෙන් බවත් එම නිවේදනයේ දක්වා ඇත.

(Aruna)