Monday, September 07, 2026
Follow Us
ම‍ාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය සඳහා දැන් අයදුම්පත් කැඳවයි
ප්රවාහන,මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශය සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය එක්ව ක්රියාත්මක කරනු ලබන "මාධ්යවේදී නිවාස ව්යාපෘතිය" යටතේ අයඳුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබේ.
චීන ආධාර යටතේ කොට්ටාව ප්රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්යාපෘතියෙන්, ජනමාධ්ය ක්ෂේත්රය වෙනුවෙන් රටට ඉහළ දායකත්වයක් සපයා ඇති, රජයේ මැදිහත්වීමෙන් නිවසක් ලබා ගැනීමේ දැඩි අවශ්යතාව සහිත විද්යුත්, මුද්රිත හා ‌වෙබ් ක්ෂේත්රයේ නියුතු ජනමාධ්යවේදීන් හට සහනදායි මිලක් යට‌තේ නිවාසයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙමඟින් හිමි වේ.
ප්රතිලාභි නිවාස ගණන 27 කි. මෙහිදී ජනමාධ්ය ක්ෂේත්රයේ අඛණ්ඩ සේවා කාලය වසර 10 ක් සපුරා ඇති, අවුරුදු 30 – 60 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 2025 හෝ 2026 වසර සඳහා නිකුත් කරන ලද මාධ්ය හැඳුනුම්පත සතු වීම මුලික සුදුසුකමක් ලෙස සැලකේ.
2026 සැප්තැම්බර් 18 වැනිදාට පෙර අයදුම්පත් යොමු කළ යුතු අතර, www.media.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් බාගත කර ගත හැකිය.
සම්පුර්ණ කරන ලද අයදුම්පත්, අධ්යක්ෂ (මාධ්ය)‍‍, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය, අංක : 163, "ඇසිදිසි මැඳුර", කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස දන්වා සිටී.
වැඩි විස්තර‍‍‍‍‍‍‍‍‍‍‍‍ ‍‍‍‍‍සඳහා : චන්දන (0714 - 931696) හෝ තණ්ඩුල (0777 – 736617) අමතන්න