Wednesday, July 22, 2026
Follow Us
කරතේ පදක්කම් හිමිකරගත් කණ්ඩායම දිවයිනට
10 වන ආසියානු කරාතේ තරගාවලියේදී පදක්කම් හිමිකරගත් ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් ඊයේ දිවයිනට පැමිණිය හ.
 එම තරගාවලිය පැවැත්වුණේ බංගලාදේශයේ ඩකා නුවරදී.
පදක්කම්ලාභී ක්රීඩක ක්රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණ සිටියහ.
තරගාවලියේදී ශ්රී ලංකා ක්රිඩක ක්රීඩිකාවන් හිමිකරගත් පදක්කම් සංඛ්යාව 85 ක්. ඊට රන් පදක්කම් 13 ක්, රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 49 ක් ඇතුළත්. 
මීට අමතරව ශ්රී ලංකා පුහුනුකරුවන් 05 දෙනෙකු ආසියානු කරාතේ සම්මේලනයේ නිල පුහුනුකරුවන්ට හිමි බලපත්ර ලබාගැනීමද විශේෂත්වයක්.