අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රජයේ වගවීම ඉල්ලා විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් නායිකා ප්‍රියංකා ගාන්ධි වද්රා ඊයේ (21) දිල්ලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අගමැති නිල නිවස අසල විරෝධතාව පැවැති ස්ථානය ඉවත් කිරීමට පියවර ගත් පොලීසිය, විපක්ෂ නායකයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගනිමින් එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
මෙම පොලිස් මෙහෙයුමේදී සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදව් ද අත්අඩංගුවට ගෙන තිබේ.