Wednesday, March 25, 2026
Follow Us
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවක වැටුප් ගැටලු විසඳීමට අගමැතිනියගේ අවධානය
රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා 2025 වසරට අදාළ ව, 'ඉතිරි කර ගත් නිවාඩු සඳහා වන ගෙවීම්' කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඉසුරුපාය, අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්විණි.

 

මෙහිදී පැමිණි සිටි වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් අග්රාමාත්යවරිය කියා සිටියේ, 2025 වසරට අදාළ ව 'ඉතිරි කර ගත් නිවාඩු සඳහා වන ගෙවීම්' සිදුකිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්රිකාවක් මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, අනෙකුත් ඉල්ලීම් සම්බන්ධව ද කඩිනම් මැදිහත් වීමක් සිදු කරන බවත් ය.
;
 
තවද සේවකයින්ට සවන් දෙමින් සේවා ස්ථානයක වෘත්තිය ගැටලු සඳහා පිළියම් ලබාදීමට සාකච්ඡා කිරීම ආයතනයක් විසින් ඉටු කළ යුතු අනිවාර්ය වගකීමක් බව කී අග්රාමාත්යවරිය, ඕනෑම මොහොතක සේවකයින්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා තමන් විවෘත බව ද ප්රකාශ කර සිටියාය.
 
මෙම අවස්ථාව සඳහා රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, ඉහළ කළමනාකාරිත්වය, මුදල් අමාත්යාංශයේ නිලධාරීන් සහ රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.