ඉරාන යුද්ධය අවසන් කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් යළි අවධාරණය කර තිබෙන බව වාර්තා වෙයි.
නමුත්, එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව ඉරානය ප්‍රකාශ කරයි.
ධවල මන්දිරයේදී මාධ්ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, සාම ගිවිසුමකට එළඹීමට ඉරානයට දැඩි අවශ්යතාවක් මතුව ඇති බවයි.
සාම ගිවිසුමක් සඳහා අවශ්ය කොන්දේසි 15 කින් යුත් සාම ගිවිසුමක් ට්රම්ප් ජනාධිපතිවරයා විසින් ඉරානයට යවා ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ.
මෙම ගිවිසුම පකිස්ථාන මැදිහත්වීමකින් යුතුව ලබාදී ඇති බවද වාර්තා වී තිබේ.
තමාට හිතවත් මිතුරු රටවලින් සාකච්ඡා සඳහා ඇරයුම් ලැබී ඇති බව ඉරාන විදේශ අමාත්යාංශය ප්‍රකාශ කර තිබෙන අතර අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කරන්නේ ගෝලීය තෙල් මිල පාලනය කිරීමට දරණ උත්සහයක් පමණක් බවයි.
යුද්ධය අවසන් කිරීම සඳහා ප්රධාන කරුණු 3 කින් යුත් එකඟතාවන් රැසකට අමෙරිකාව ප්රමුඛ රටවල් එළඹිය යුතු බව ඉරානය ප්‍රකාශ කර සිටි.
එම යෝජනා අතර, ඉරානයට එල්ල කෙරෙන ප්රහාර නතර කිරීම සහ ඉදිරියේදී එවැනි ප්රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබාදීම, කලාපයේ රටවල් ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ ඉරානයට එල්ලවූ ප්රහාරවලින් සිදුවූ අලාභහානි සඳහා නිසි වන්දි මුදලක් ලබාදීම ප්රධාන ඉන් ප්‍රධාන වේ.