2025 සැප්තැම්බර් 2 වැනි දින කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද "කෘෂිකර්ම හා පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2025" (ISAE) අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසර බව සඳහා කෘෂිකාර්මික තාක්ෂණයන්හි නවෝත්පාදන මෙහෙයවීම යන්න මෙවර ISAE 2025 හි තේමාව වූ අතර, මෙම සම්මන්ත්‍රණය හරහා ගෝලීය කෘෂිකර්මාන්තය, තිරසාරත්වය සහ නැගී එන තාක්ෂණයන් යොදා ගැනීම මගින් උදාවන අවස්ථා මෙන්ම අභියෝග ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ බහුවිධ පාර්ශ්වකරුවන්ට අවස්ථාව සලසයි.
මෙම සම්මන්ත්‍රණය මගින් දේශගුණික ක්‍රියාකාරකම් සහ තිරසර කෘෂිකාර්මික ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නව්‍ය, ප්‍රායෝගික සහ ක්‍රමානුකූල විසඳුම් සොයා ගැනීමට ශාස්ත්‍රඥයින්, පර්යේෂකයන්, වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාද සහ සහයෝගීතාව ගොඩ නැගීම ද අපේක්ෂා කරයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"මෙම සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන තරුණ උපාධිධාරීන්ගේ සංසදය ඉතාමත් ප්‍රශංසනීයයි. අපගේ අනාගතය රඳා පවතින්නේ නව්‍යකරණයෙන්, දැනුමෙන් සහ සමාජ විඥානයෙන් යුතු තරුණ පරපුර මතයි. ඔවුන්ගේ අධ්‍යාපනය, කුසලතා සහ නායකත්වය ප්‍රවර්ධනයට ආයෝජනය කිරීම කියන්නේ ශ්‍රී ලංකාවට මෙන්ම ඉන් ඔබ්බට දේශගුණය විපර්යාසයන්ට ඔරොත්තු දෙන අනාගතයක් සඳහා ආයෝජනය කිරීමක්.
කෘෂිකර්මාන්තය කියන්නේ ආහාර නිෂ්පාදන කිරීම පමණක්ම නොවේ. එයින් අදහස් කරන්නේ අපගේ ප්‍රජාවන්, අපගේ ආර්ථිකය සහ අපගේ පෘථිවිය ඉදිරියට පවත්වාගෙන යාමයි. නවෝත්පාදනය සඳහා අවස්ථාව සලසා දී, අවදානමට ලක්විය හැකි ජනතාවට සහාය වීම සහ තිරසාරත්වය සමඟ යමින් ප්‍රතිපත්ති පෙළගැස්වීම හරහා, දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අභියෝග අවස්ථාවන් බවට පරිවර්තනය කරගත හැකියි." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, ඇග්ස්ටාර් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ඉන්දික ගුණවර්ධන මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත, කෘෂිකර්ම පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. වයි. ජයසිංහ, ආචාර්ය අවන්ති මහානාම, ආචාර්ය අනුෂ්ක බණ්ඩාර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ද සහභාගී වූහ.