ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මෙම නවීන ගොඩනැගිල්ල සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14.70 කි.
වත්මන් ගොඩනැගිල්ල 1970 වර්ෂයේ ස්ථාපනය කර ඇති අතර එම ගොඩනැගිල්ල තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, මෙන්ම පවතින ප්‍රායෝගික ගැටළු කිහිපයක් හේතුවෙන් නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ගල්වෙල ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම නව තැපැල් කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු ගලේවෙල ප්‍රදේශයේ ජනතාවට විධිමත්, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇත.
වත්මන් රජය මෙම වර්ෂයේ තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කර ඇත.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වේ. මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 කට අධික ඉතිහාසයක් පවතී.