විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය.
ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව උපපොලවල් 02ක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන ඉහත ව්‍යාපෘතිය යටතේ බත්තරමුල්ල කිලෝ වෝල්ට් 132/33 (ගෘහස්ථ උපපොල), කිරිඳිවෙල කිලෝ වෝල්ට් 132/33 (ග්‍රිඩ් උපපොල) සහ කිරිඳිවෙල කිලෝ වෝල්ට් 220/132 හුවමාරු (Switching) මධ්‍යස්ථානය යන නව උපපොලවල් 03ක් සංවර්ධනය කෙරෙන අතර, මෙහි කිරිඳිවෙල උප පොලවල් 02ක් ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
ඒ අනුව, කිරිඳිවෙල හුවමාරු (Switching) ස්ථානය සම්පූර්ණ වීමත් සමග මහවැලි සහ කැලණි විදුලි බලාගාරවල ජලවිදුලිය බස්නාහිර පළාතට ගෙනයෑම ශක්තිමත් වන අතර, පද්ධතියේ විශ්වාසනීයතාවය වැඩි කරමින් පෙර තිබූ එකම සම්ප්‍රේෂණ මාර්ගය, බහු මාර්ගික සම්ප්‍රේෂණ ජාලයක් බවට පත් වී පද්ධතිය බිඳවැටීමේ අවදානම දැඩි ලෙස අඩු කරයි.
නව කිරිඳිවෙල (Switching) මධ්‍යස්ථානය මගින් බස්නාහිර පළාතේ 132kV සම්ප්‍රේෂණ ජාලයේ ධාරිතාව 500 MW කින් වැඩි කරන අතර, නව කිරිඳිවෙල උපපොළ මගින් කිරිඳිවෙල, යක්කල, කඩවත සහ අවට කලාපවල ඉහළ යන විදුලි භාවිත අවශ්‍යතාව සපුරාලමින්, බෙදාහැරීම් ධාරිතාව 63 MW කින් ශක්තිමත් කරයි. මෙමගින් කර්මාන්තශාලා සහ ගෘහස්ථ භාවිතය සඳහා විශ්වාසනීය සැපයුමක්ද ලබා දෙයි.
ශක්තිමත් කළ මෙම ජාලය මගින් බස්නාහිර පළාතේ ගෘහස්ථ සූර්ය බල (rooftop Solar) විදුලි බලය සාර්ථකව පද්ධතියට එකතු කළ හැකි අතර, දිවයින පුරා ඉදිරියේදී සංවර්ධනය වීමට නියමිත මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර (Renewable Energy) ද සාර්ථකව ග්‍රහණය කිරීමට හැකි වේ. තවද, අවම විදුලි රැහැන් භාවිතය නිසා පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකි අතර, විදුලි හානිය අඩු ප්‍රතිරෝධී කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ කොස්ගම, කොත්මලේ, පාදුක්ක, පන්නිපිටිය, රත්මලාන, සීතාවක, තුල්හිරිය, වේයන්ගොඩ, නාඋල, පොල්පිටිය සහ උකුවෙල උපපොලවල් සංවර්ධනය කිරීමටද නියමිතය.