Tuesday, August 19, 2025
Follow Us
ශ්‍රී ලංකාවට,ලෝක ආහාර වැඩසටහනේ සහය අඛණ්ඩව
මෙම හමුවේදී නව ශ්රී ලංකා නියෝජිතවරයා විසින් ලෝක ආහාර වැඩසටහන හරහා ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීමට, මන්දපෝෂණය අඩු කිරීමට සහ දේශගුණික හා ආර්ථික කම්පන හමුවේ අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ජාතික වැඩසටහනට ශ්රී ලංකා රජයට සහාය දීමට කැපවන බව අවධාරණය කළේය.
අවදානමට ලක්විය හැකි ප්රජාවන් සඳහා තිරසාර විසඳුම් සහතික කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන, රජය සහ සංවර්ධන පාර්ෂවකරුවන් අතර පවත්නා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම ශ්රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්ක සමඟ ඒ්කාබද්ධ වෙමින් ලෝක ආහාර වැඩසටහනේ මෙරට උපායමාර්ගික සැලැස්මට අනුකූලව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවට ලෝක ආහාර වැඩසටහනේ නව ශ්රී ලංකා නියෝජිතවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්රී ලංකා රජය සමඟ ලෝක ආහාර වැඩසටහනේ දිගුකාලීන සහයෝගිතාව අගය කළ අමාත්ය පන්නිලගේ මහතා , එය දිවයින පුරා සමාජ ආරක්ෂණ සහ ග්රාමීය සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවත්, ලෝක ආහාර වැඩසටහන හා ශ්රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන සහයෝගීතාව කෘතඥතා පූර්වකව සිහිපත් කළේය.