Tuesday, August 19, 2025
Follow Us
ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි පරිසර අමාත්‍යවරයා හමුවේ

පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ (18) පරිසර අමාත්යාංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්විය.

ඉන්දුනීසියාව විසින් සාර්ථකව නිපදවා ඇති කාබනික දියර පොහොර පිළිබඳව තානාපතිනිය විසින් අදහස් දැක්වනු ලැබූ අතර පොල්, තේ සහ වී වැනි ශ්රී ලංකාවේ ප්රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සඳහා පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි ප්රතිඵල ඉතාමත් සාර්ථක වූ බවත් අදහස් පළ කරන ලදී.
 
පරිසර අමාත්යවරයා විසින් මෙම යෝජනා අගය කරනු ලැබූ අතර, දෙරට අතර තිරසාර කෘෂිකර්මාන්තය සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට ශ්රී ලංකාවේ ස්ථාවරත්වය පැවසීය. හරිත අනාගතයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බව දෙපාර්ශවය විසින් මෙහි දී අදහස් දැක්වූහ.
 
මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා ද පරිසර අමාත්යංශයේ නිලධාරීන් ද සහභාගී වූ අතර ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාලය නියෝජනය කරමින් එම කාර්යාලයේ අමාත්ය උපදේශක Lailal Khairiyah Yuniarti මහත්මිය සහ තෙවැනි ලේකම් Sheila Ananta Ully මහත්මිය ද සහභාගී වූහ.