2025.08.18 ප.ව 3.00 වන විට සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා X සටහනක් තබමින් මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වයන්ට මෙන්ම සංචාරකයන්ට ස්තූතිය ද පළ කර තිබේ.
මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150,000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර එසේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙළින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් වේ.