Tuesday, August 19, 2025
Follow Us
රාජාංගණය ජලාශයේ අක්‍රීය සොරොව් දොරටුව අලුත්වැඩියාවට නාවික හමුදා කිමිදුම් සහාය
අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

යාන්ත්රික දෝෂයක් හේතුවෙන් රාජාංගණය ජලාශයේ සොරොව්ව අක්රීයවී ඇති බවත්, එහි දියයට අලුත්වැඩියාව සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබා දෙන ලෙසත්, ආපදා කළමනාකරණ මධ්යස්ථානය මඟින් නාවික හමුදාව වෙත සිදු කළ ඉල්ලීමකට කඩිනමින් ප්රතිචාර දැක්වු නාවික හමුදාව, ඒ සඳහා වයඹ නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් යෙදවීමට කටයුතු කෙරිණි.

එම කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්රමයක් යොදා අක්රීය තත්වයේ පැවති සොරොව්ව මෙලෙස නැවත ක්රියාකාරී තත්ත්වයට පත් කෙරිණි.