Wednesday, August 06, 2025
Follow Us
නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ දන්ත ශල්ය වෛද්ය සංගමයේ (Government Dental Surgeons' Association - GDSA) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.

නව දන්ත ශල්ය වෛද්ය පත්වීම් සඳහා අනුමැතිය කඩිනමින් ලැබෙනු ඇති බව සෞඛ්ය අමාත්යවරයා මෙහි දී පැවසීය. පත්වීම ප්රමාද වීම හේතුවෙන් දැනට දුෂ්කර සේවයේ නියුතුව සිටින දන්ත ශල්ය වෛද්යවරුන් මුහුණපාන ගැටලු පිළිබඳ අවධානය යොමු කර පත්වීම් කඩිනම් කිරීමේ කටයුතු පිළිබඳව ක්රියා කරන ලෙස අමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, වැටුප් ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව අවධාරණය කළේය.

ජාතික මුඛ සෞඛ්ය ප්රතිපත්තිය කඩිනමින් ක්රියාත්මක කිරීම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දන්ත නිෂ්පාදන නියාමනය ඉවත් කිරීම, වෛද්ය සැපයුම් හිඟය සහ ප්රසම්පාදන කටයුතු, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය - දන්ත වෛද්ය පීඨයේ කටයුතු බාහිර රෝගී ඒකකයන් තුළ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සමාලෝචන සැලසුම් කිරීම මෙන් ම නව දන්ත ශල්ය වෛද්ය පත්වීම් සහ වැටුප් ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
 
ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් (මුදල් අමාත්යාංශයේ) ජාතික සෞඛ්ය ප්රතිපත්තිය යටතේ ම ජාතික මුඛ සෞඛ්ය ප්රතිපත්තිය ඇතුළත් කිරීමේ අවශ්යතාවය නිසාවෙන් දැනට ප්රමාදයක් ඇති වී ඇති බවත්, මෙය කඩිනමින් ක්රියාත්මක කරන ලෙස මෙහි දී දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය විසින් අමාත්යවරයාගෙන් ඉල්ලීමක් කළ අතර, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු විගසම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සෞඛ්ය අමාත්යවරයා මෙහි දී පෙන්වා දුන්නේය
ජාතික චිකිත්සක කමිටුවට දන්ත වෛද්යවරුන්ගේ නියෝජනයක් ඇතුළත් කරන ලෙස ද අමාත්යවරයා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා වෙත මෙහි දී උපදෙස් ලබාදුන්නේය. සායනික පුහුණුව ආරම්භ කරන සිසුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.