ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සෑහීමට පත්වන බැවින්, S.C. (SD) 21/2025 යන පෙත්සම ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම ඉල්ලා අස් කර ගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බවද කථානායකවරයා නිවේදනය කළේය.