Sunday, August 03, 2025
Follow Us
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවති
දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
 
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.