Saturday, August 02, 2025
Follow Us
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ 11ක් නව ස්ථානයකට
මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අංශ කිහිපයක් සිමන්ත්රා ගොඩනැගිලි පරිශ්රය වෙත ගෙන ඒමේ සමාරම්භක උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතාගේ ප්රධානත්වයෙන් අද (01) පැවැත්විණි.

 

ඒ අනුව, අංශ 11ක් ප්රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ (සිමන්ත්රා ගොඩනැගිල්ලේ) ස්ථාපිත කරන ලදී.
එලෙස ස්ථාපිත කරන ලද අංශ වනුයේ,
1.සුභසාධන අංශය
2.ප්රත්යානුකලන අංශය
3.විදේශ සබඳතා II අංශය
4.ව්යාපාර ගැටලු නිරාකරණය කිරිමේ ඒකකය
5.ආයතනික හා කර්මාන්ත පුහුණු අංශය
6.පර්යේෂණ අංශය
7.අලෙවිකරණ අංශය
8.නියෝජ්ය සාමාන්යාධිකාරී (සමාජ සංවර්ධන)
9.ජ්යෙෂ්ඨ කළමනාකරු (සමාජ සංවර්ධන)
10.IM Japan ඒකකය
ඒ අනුව අද(01) සිට ඉහත අංශවල සේවාවන් නව ස්ථානයේදී ලබාගැනීමට විගමණික ප්රජාවට අවස්ථාව හිමිවේ.