Friday, April 03, 2026
Follow Us
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අද (23) රාත්‍රියේ සිටිනම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

 අද රාත්‍රියේ සිට පෝලිමේ සිටින බැතිමතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු  මෙහිදී ඔවුහු සඳහන් කළහ.