Tuesday, March 25, 2025
Follow Us
පොතුහැර - රඹුක්කන අධිවේගි මාර්ගය කඩිනමින්  අවසන් කන්නට පියවර

කඩනමින් ඉදි වන පොතුහැර - රඹුක්කන අධිවේගි මාර්ගයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන හා  මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (23) පස්වරුවේ එක්ව සිටියහ.

මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිම කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවරධන අධිකාරියට(RDA )ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන් ම ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුබසාධනයට කටයුතු කරන ලෙස ද උදෙස් දුන් බිමල් රත්නායන ආමාත්‍යවරයා මෙවර ජා.ජ.බ. මංගල  අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන  කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවට මාර්ග සංවර්ධන  අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ව්‍යාපෘති ඉංජිනේරුවරුන් ඇතුළු නිලධාරිහු සහභාගී වූහ.