රජයේ මුද්‍රණාලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත.
පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා නිලධාරීන් පැය 24 පුරා සීරුවෙන් සිටිය යුතු හෙයින් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.
එසේම රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද තර කරනු ලැබ ඇත. රජයේ මුද්‍රණාලය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ජංගම රථ සංචාර ක්‍රියාත්මක වන බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ ආරම්භ කෙරිණ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ 1200 ක් සේවය කරති.
Aruna