නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම කාලය තුළ විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම, එම කාලය තුළ තත්ත්වය තේරුම්ගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය ද හිමි වේ. තවද මෙම හදිසි අවස්ථාව තුළ වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝගය ලබාදුන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යමණ්ඩලය සහ වෘත්තිකයන්ටද බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය පළකරයි.
නැවත මෙවන් තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.