Tuesday, February 10, 2026
Follow Us
සැකකරුවන් ගැන තොරතුරක් ලබාදෙන අයෙක්ට පොලීසියෙන් තෑග්ගක්

වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලීසිය විසින් කටයුතු කරන බවය.

අදාළ ත්‍යාග මුදල පොලිස් ත්‍යාග අරමුදලින් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

වැල්ලව පොලිස් වසමේ වාසල එපාර්ට්ට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට 2024 දෙසැම්බර් 24 වනදා රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

අදාළ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

එම අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක

071 - 8591244  - කොට්ඨාස භාර නිලධාරී, කුරුණෑගල

071 - 8591882  - පොලිස් මාධ්‍ය ප්‍රකාශක