Tuesday, October 22, 2024
Follow Us
අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක ආදායමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මයිලම්පාවලි චෙන්කලඩි ප්‍රදේශයේ පිහිටි දෙලුම් ගොවිපොළේ  ඊයේ (23) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම දෙළුම් වගාව අක්කර 150ක පමණ භූමි භාගයක පවත්වාගෙන යනු ලබන අතර, 300ක පමණ ගොවි ජනතාවක් එහි ප්‍රතිලාභ ලබති.

පසුගිය වසරේ අක්කර භාගයක දෙළුම් වගාවෙන් රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා අස්වැන්නක් ලබා ගැනීමට මෙම ගොවි ජනතාවට හැකිව තිබේ.