Sunday, February 08, 2026
Follow Us
ප්‍රබල ගණයේ රැඳවියන් 150ක් ගැන විශේෂ තීරණයක්

කොළඹ රිමාන්ඞ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රඳවා සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් 150 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර යටතේ හඳුනාගත් බන්ධනාගාර රැඳවියන් 40 දෙනෙකු ඉදිරි දෙසතියක කාලය තුළ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යාමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

කොළඹ බන්ධනාගාරවල සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට නියමිත එම රැඳවූවන් බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම් හා විවිධ අපරාධ මෙහෙයවූ අය බවටයි හඳුනාගෙන ඇත්තේ.

බූස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන එම රැඳවියන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවා එහි රැඳවීමටයි තීරණය කර ඇත්තේ.

එම ඒකකයට අනියුක්ත කෙරෙන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොළඹ බන්ධනාගාරවල සිටින අදාළ රැඳවියන් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට පෙර එම බන්ධනාගාරයේ දැනට රාජකාරී කරන නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු ලබා දීමට ද නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

(Neth)