Monday, October 19, 2026
Follow Us
"අග්බෝ" ඇතා හමුවෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, "අග්බෝ" ඇතා නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට හැකි වී තිබේ.

එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර (Range Officer) බුද්ධික මහතා විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ ඇතා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්ත්වයෙන් පසු වන බව වාර්තා වෙයි.

ඒ අනුව, අග්බෝ ඇතා මේ වන විට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සහතික කර තිබේ.