Monday, September 15, 2025
Follow Us
බාහිර සමාජයේ කොරෝනා නෑ… යුද හමුදාපති කියයි

කොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයට රට මේ වන විට පත්කර ගැනීමට හැකිව ඇතැයි ‘කෝවිඞ් – 19’ පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියා ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ( 22 වැනිදා ) පැවසීය.

ඒ සඳහා ඉහළ දේශපාලන අධිකාරියේ සිට රටේ සෑම සියලූ‍ දෙනාගේම සහාය ලැබී ඇතැයි ද හෙතෙම කීවේය. එසේම නාවික හමුදා සෙබළුන් මගින් රෝගය පැතිර යාමද පාලනය කිරීමට හැකිව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

කොරෝනා වෛරසය පැතිරීම ඉතා හොඳින් පාලනය කර ඇතත් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ සඳහා ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය යැයි ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ‘දිවයිනට’ මහතා පැවසීය.

(Lanka Leads)