Friday, July 04, 2025
Follow Us
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම තවත් පුළුල් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප‍්‍රතිඵල සහතික කිරීමේ ලේඛන නිකුත් කිරීම තවදුරටත් පුළුල් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියේ, ඉදිරියේදී 2000 වසරට පෙර අදාළ විභාගවල ප‍්‍රතිඵල ලේඛන සහතික කර නිකුත් කිරීමටද කටයුතු කරන බවයි.

ශ‍්‍රී ලංකාවේ පළමුවරට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප‍්‍රතිඵල සහතික කිරීමේ ලේඛන නිකුත් කිරීමේ අන්තර්ජාල සේවාව ඉකුත්දා ආරම්භ කළේ 2001 වසරේ සිට පවත්වන ලද විභාගවලට අදාළවයි.

ඒ අනුව සහතික කරන ලද විභාග ප‍්‍රතිඵල ලේඛන ඔන්ලයින් ක‍්‍රමයට ලබාදීම මෙම සේවාවේ මූලික අරමුණයි.

මේ යටතේ විදේශීය විශ්වවිද්‍යාල, විදේශීය ආයතන, පෞද්ගලික ආයතන, විභාග අයඳුම්කරුවන් ඇතුලූ‍ අදාල පාර්ශවයන්ට සත්‍යාපනය කරන ලද ප‍්‍රතිඵල ලේඛන ඔන්ලයින් ක‍්‍රමයට නිකුත් කිරීම සිදු වනවා.

ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල සනාථ කරගැනීමේ මෙම සේවාව ලබාගත හැකියි.

(Neth)