Friday, July 04, 2025
Follow Us
විදුලි බිල ගෙවීමේ දී පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන්නේ නෑ

කොරෝනා කාලසීමාව තුළ දී විදුලිය භාවිතා කළ විදුලි පාරිභෝගිකයින් වෙත ලැබි ඇති විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් සිදු නොකිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

එසේම අවසන් වරට නිකුත් කළ පෙබරවාරි මස බිලට සාපේක්ෂ ව ගෙවීමක් සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පවසයි.

එසේම ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් දඬයක් හෝ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍යවරයා කියයි.මේ වන විටත් විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන් සහන කාලයක් ලබා දී ඇති බවත් පැවසු ඇමතිවරයා ඉදිරියේ දී මාස්පතා විදුලි බිල ලබා දීමට කටයුතු කරන බව ද කීය.

(news.lk)