Sunday, February 08, 2026
Follow Us
පාසල් යළි විවෘත කරන්නේ කොරෝනා අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බව ඇමති කියයි

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි.

එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(22) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

(Lanka LEads)