වෙළද පොළේ පවතින සහල් අර්බුදය විසදීම සදහා මැදිහත්වීමට සූදානම් බව අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. ඒ, පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ දැනුවත් කිරීම මතයි.
එහිදී නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන සදහන් කළේ කෘතිමව හිගයක් මවා පෑමක් මිස කිසිදු සහල් හිගයක් රටේ නොමැති බවයි. වී අස්වැන්නේද කිසිදු හිගයක් නොමැති බව ලේකම්වරිය පැවසුවා.
වෙළද පොළේ පවතින සහල් අර්බුදය හේතුවෙන් ප‍්‍රදේශ රැසක ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි නෙත් නිවුස් දිගින් දිගටම අනාවරණ කළා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණේ සම්බා සහ නාඩු සහල් වෙළෙඳපොළ තුළ අළෙවි කිරීමට නොමැති තත්ත්වයක් මතුව ඇති බවයි. අළෙවි කිරිමට ඇති කීරි සම්බා සහ කැකුළු සහල් කිලෝවක් ද අළෙවි කෙරෙන්නේ පාලන මිල ඉක්මවා බවයි එහිදී හෙළි වුණේ.
සහල් ව්‍යාපාරිකයින් පැවසුවේ මහා පරිමාණ වී මෝල් වලින් සහල් ඉල්ලූම් කළ ද ඒවා වැඩි මිල ගණන් යටතේ තමන්ට ලබාදෙන බවයි.
පාලන මිලට සහල් ලබාගැනීමේදි මහා පරිමාණ මෝල් හිමියන් විවිධ කොන්දේසි පනවා ඇති බවත් ලබාගන්නා සහල් තොගයෙන් අඩකට වඩා වැඩියෙන් කීරි සම්බා සහල් ලබාගත යුතුය යන්න එවන් කොන්දේසියක් බවත් ප‍්‍රකාශ කෙරුණා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුවද ප‍්‍රමාණවත් සහල් තොග නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.
අනුරාධපුර දිස්ති‍්‍රක් වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ කියා සිටියේ ඉකුත් කන්නයේදී රටේ වී වලින් වැඩි ප්‍රමාණයක් ඒකරාශී වූයේ මහාපරිමාණ කර්මාන්ත කිහිපකට බවත් එහි ප්‍රතිපලයක් ලෙස වර්තමානයේදී වත්මන් තත්ත්වය ඇති කර තිබෙන බවයි.
කෙසේවෙතත් අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන සදහන් කළේ වැඩි මිලට සහල් අළෙවි කරන සහ සහල් තොග සඟවන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන බවයි.
පොළොන්නරුව දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ සදහන් කළේ යල කන්නයේ වී අස්වනු නෙළන තෙක් අවශ්‍ය තරම් වී තොග රට තුළ ඇති බවයි. පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පමණක් වී කිලෝ කෝටි 20 ක් පමණ ඇති බවද හිටපු මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.
කිසියම් පිරිසක් කෘතිමව සහල් හිගයක් මවා පා ඇති බවත් ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙස තමන් මහා පරිමාණ මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ වැඩිදුරටත් පැවසුවා.
(Neth)