Sunday, February 08, 2026
Follow Us
කොවිඩ්-19න් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු හදුන්වාදෙන සංඥා මාලාවක්

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේ කොවිඩ්-19 රෝගයෙන් වැලැකිමේ සංඥා මාලාව හදුන්වාදීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ්-19 රෝගය පැතිරයාම පාලනය කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සාමාලෝචන කමිටුව අද(21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

(Aruna)