Monday, September 15, 2025
Follow Us
අධිකරණ ක්‍රියාවලියට නව තාක්ෂණය යොදා ගනී

නව තාක්ෂනය යොදාගනිමින් අධිකරණ ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා වු පලමු අදියරය ලෙස අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හා බන්ධනාගාර සම්බන්ධ කිරිමේ පලමු පරික්ෂණ නියමු ව්‍යාපෘතිය ඊයේ (20)දින ආරම්භ විය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මග පෙන්විම හා සංකල්පයකට අනුව ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙය දින කිහිපයකින් සිදු කිරිමට පසුගියදා උපදේස් ලබා දුන් අතර අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ නඩු විඩීයෝ තාක්ෂණය ඔස්සේ කැඳවනු ලැබිය.

මෙය විශේෂිත මෘදුකාංගයකින් සමන්විත අතර බන්ධනාගාර රැදවියන් අධිකරණයට රැගෙන ඒම වෙනුවට වැලිකඩ බණ්ඩනාගාරයේ ස්ථාපිත කළ තාක්ෂණික භුමියේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙය තව දුරටත් පුළුල් කිරිමේ ඉදිරි පියවර ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි එම තාක්ෂනය හදුන්වා දී ස්ථාපිත කිරිමට මේ වන විටත් වැඩකටයුතු සැකසෙමින පවති.

මෙම අවස්ථාව සඳහා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය,අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිතී) පියුමන්ති පිරිස් මහත්මිය, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අකිල ගයාන් කෞෂල්‍ය මහතා අතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

 

(news.lk)