ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා සිව්වැනි දිනටත් හෙට පෙරවරු 10.00ට යළි කැඳවීමට නියමිතය.
නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ අදාළ පෙත්සම් සළකා බැලීම සඳහා අද තෙවැනි දිනටත් කැඳවනු ලැබිණි.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ය.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව, මැතිවරණ කොමිසම නිරික්ෂණය කර ඇතැයි, එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.
(Lanka Leads)