කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
රාජකාරී කටයුතු සඳහා යළි වැඩ අරඹන සෑම ආයතනයකම ප්‍රධානියා විසින් මෙම වගවීමේ සහතිකය ලබා දිය යුතුව ඇත. ඒ ඒ ආයතනවලින් සපයන සේවාවන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දෙන අතර ඒ අනුව කටයුතු කරන බවට වගකීම භාර ගනිමින් මෙම සහතිකය අමාත්‍යාංශයට භාර දිය යුතු බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළාය.
මීට අමතරව ආගමික ස්ථානවලට එක වරකට බැතිමතුන් දසදෙනෙකුට පමණක් යාමට අවසරය ලබා දීම කෙරෙහිද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.
මෙසේ නිකුත් කෙරෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන්නේද යන්න පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරිය ප්‍රකාශ කළාය.
(Lanka Leads)