පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය අයකුට එය කරගත හැකි පරිදි පෞද්ගලික වෛද්‍ය රසායනාගාර වෙත මාර්ගෝපදේශ ලැයිස්තුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව පී.සී.ආර්. පරික්ෂණ කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් පෞද්ගලික ආයතනවලට නිර්ණායක නිකුත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන‘අරුණට’ පැවසුවාය.
පී.සී.ආර්. පරික්ෂණ සිදුකරන පෞද්ගලික වෛද්‍ය රසායනාගාර ප්‍රමිති සහතිකය ලබා තිබිය යුතුය. පරික්ෂණයට අවශ්‍ය සාම්පල ලබාගත යුත්තේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ අදාළ ස්ථානයේදීමය.
පිටත ස්ථානවල සාම්පල එකතු කිරීම නොකළ යුතුය. පුහුණුව ලත් නිලධාරීන් විසින් සාම්පල ලබා ගැනීමේ කාර්යය සිදු කළ යුතුය.
නිකුත් කරන පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවේ සඳහන් ප්‍රතිඵලය පිළිබඳ අනිවාර්යයෙන්ම වසංගත රෝග විද්‍යා ආයතනය දැනුවත් කළ යුතුය.
පී.සී.ආර්. පරික්ෂණයට ලක්වෙන පුද්ගලයාට ප්‍රතිඵලය පිළිබඳ වාර්තාව ලබා දීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. ලබා ගන්නා සාම්පල අවශ්‍ය වූවොත් රජයේ වෛද්‍ය පර්‌යේෂණායතනයට ලබාදිය යුතුවේ.
(Aruna)