Friday, July 04, 2025
Follow Us
අන්තර් පළාත් මගී ප්‍රවාහනය අද හෙටම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

බස් රථවල අසුන් සංඛ්‍යාවට අනුව මගීන් ගෙන යාම පසුගිය සිකුරාදා ආරම්භ විය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව මගීන් රැගෙන යාම ඊයේ (17 වැනිදා) දිනය දක්වා සිදුවූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙස පෞද්ගලික බස් සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇත.

කෙසේ වෙතත් ​කොවිඩ් රෝගීන් හමුවීමේ අඩුවක් දක්නට ඇති දකුණු පළාතේ දිස්ත්‍රික් තුන අතර බස් ධාවනය අද (18 වැනිදා) ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. සෙසු පළාත්වල අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීම පිළිබඳව ප්‍රවාහන කාර්යයන් පිළිබඳ කාර්ය සාධක බලකායේදී සාකච්ඡා කිරීමට නියමිතය. එම කාර්යසාධක බලකායේ රැස්වීමක් හෙට (19 වැනිදා) දින පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

(Aruna)