Sunday, February 08, 2026
Follow Us
අනුයුක්ත සේවා කාලය අවසන් වූ ජාතික පාසල් ගුරුවරුන් වැටුප් ලබන පාසලට වාර්තා කළ යුතුයි

ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතු ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

(News.lk)