Sunday, February 08, 2026
Follow Us
නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතු වලින් වළකින්න

නැවත දැනුම්දෙන තුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශතරමක් රළුවිය හැකි අතර කොළඹ සිට ගාල්ලසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින වටා වන මුහුදු මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

(Aruna)