Thursday, July 03, 2025
Follow Us
5000 දීමනාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් ජීවනෝපාය අහිමිව සිටින පවුල් සඳහා රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අදාල දීමනාව ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබෙන අතර එම දීමනාව ලැබිය යුතු පුද්ගලයන්ට නොලැබෙද්දී වෙනත් පුද්ගලයන් ඒ සඳහා හිමිකම් ලබන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි ලබා ගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට (www.auditorgeneral.gov.lk) පිවිසීමෙන් අදාල පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

(LNW)