ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසකට ඊයේ (7 වැනිදා) ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇත.
දිවයිනේ පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා තොග මෙරටට ලබා ගැනීමට නොහැකි වුවහොත් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ස්පුට්නික්, ෆයසිර් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.
කොරෝනා ආසාදිත මරණ 47ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොවිඩ් පොකුර අද (07) වන විට ආසාදිතයින් 33ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වීමත් සමග කොළඹට වාහන හැත්තෑ අටදහසක් (78000) පමණ ඇතුළු වී ඇති බව අනාවරණය විය.
උදයජීව ඒකනායක දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
The Excise Department has granted permission to facilitate the liquor sale in "Safe and Secure Level 1 Hotels" during the travel restrictions.
හෙට සහ අනිද්දා දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකිය.
The disaster management authorities, with the support of the police, will evict people residing in areas declared red zones of vulnerability to natural disasters such as earth- slips or landslides, an official said.
The Yala National Park will open today for the French naval crew members who arrived in the country yesterday (7), the Wild Life sources confirmed.
කොවිඩ් වසංගත කාලසීමාවේ දී සියලු ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනා මාස හතරක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා රෙකෝඩරය හෙවත් VDR පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය නාවික හමුදාව විසින් ඊයේ සොයාගෙන තිබෙනවා. එය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.
ගංවතුර උවදුරට මුහුණ පෑ ප්‍රදේශ වල එම ප්‍රදේශ වල ගං වතුර බැස ගිය පසු PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
මෙතෙක් හුදෙකලා කර තිබුණු ග්‍රාම නිලධාරී වසම් 77ක් පවතින සංචරණ සීමාවන්ට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටිනවා. සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව 10 ක්. කළු, කැළණි, ගිං, නිල්වලා, මහඔය සහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටින ජනතාව මුදවා ගැනීම සදහා නාවික හමුදාව විසින් යාත්‍රා ද යොදවා ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
Page 400 of 731