Tuesday, February 10, 2026
Follow Us
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් ගැටළු මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය රියදුරන්, නියාමක, පාලකවරු ඇතුළු වෘත්තීයන් කීපයක වෘත්තිකයින් මේ සඳහා එක්වීහට නියමිතය. කලක සිට පවතින වැටුප් විශමතා පිළිබඳ බලධාරීන් සමග සිදුකල සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් වර්ජන තීරණයකට එළඹී බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

(Lanka Leads)