Wednesday, July 09, 2025
Follow Us
ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන්

නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ ගණනක් වාර්තා වන රට ලෙස ඉතාලිය පසු කරමින් අමෙරිකාව පත්ව තිබෙනවා.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 18,860 ක් බවයි.

ඉතාලියෙන් මේ වන විට පුද්ගල මරණ 18,849ක් වාර්තා වන බවයි එහි දැක්වෙන්නේ.

ගතවූ පැය 24 තුල අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 783ක් බවයි එහි ආණ්ඩුකාරවරයා මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ.